Untitled AI art by @Pasindu1
...මඟ තොටක රැදි ප්රේමයක්... ------------------------------------------------------------- දුර ඈත අසුනක නුඹ සිහින මැද තනිව ඇත... කාලවන් පැහැ කෙස් කඩක් සුලං අතරේ නැලවෙමින් ඇත... කොහෙ ඉඳන් බැලුවත් ඉතා රමණීය ඇස් අග වචනයක් වත් නොකී හිස්තැනක් ගැවසී ඇත... ඉස් බරින් ගෙවී ගිය තුරුණු විය අගිස්සක... රුසිරු බර වතක් සාරියක දවටගෙන උදෑසන හෝ හවසක සිනහ මුව මල් තවරගෙන.. නුඹ යනෙන සිරි දකින සඳ, නෑඹුල් සිහින මහද කිතිකැවී නලියයි නිබඳ... මොහොතකින් කියා නිම නොවන ප්රේමයක ගිනි දලු බුර බුරා නැගෙන නෙතින් සුව විඳ මුවින් ගොලුකල රහස නුඹ සුරත ඇති වෙඳැගිල්ල බැඳි මුදුව.... ----------------------------------------------------------------------
- Model
- Images
- 1
- Remixes
- 0
- License
- Personal use
A serene and romantic scene inspired by the imagery of the poem
Related landscapes
More to explore.